බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබන කාර්යයන්

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඉටු කරනු ලබන කාර්යයන් අතුරින් දීප ව්‍යාප්ත සේවාවන් හා කණිෂ්ඨ සේවකයන් හැර අනෙකුත් පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, විශ්‍රාම ගැන්වීම සිදු කිරීම, බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම, දෙපාර්තමේන්තු පරීක්ෂණ හා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම, බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවකයින්ගේ තනතුරු වලට අදාළ බඳවාගැනීම් පරිපාටි පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ දැක්වීම ඇතුළු ආයතනික කටයුතු සිදු කරනු ලබයි.
  • මීට අමතරව මෙම සියලු කටයුතු වලට අදාළව හා විනය නියෝගවලට එරෙහිව ඉදිරිපත් වන අභියාචනා සම්බන්ධයෙන් අභියාචනා බලධාරියා වශයෙන් ද බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරනු ලබයි.
  • ඉහත කාර්යයන් මගින් බස්නාහිර පළාතේ සියළුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා අවශ්‍ය මානව සම්පත ලබා දීමට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දායක වනු ලබයි.

Leave a Reply