බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවීමට පාදක කර ගත් පසුබිම

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම , මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත. 1990 අංක 28 දරණ පළාත් සභා (සංශෝධන) පනතින් සංශෝධිත 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32(2) යටතේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු බලතල වලින් කොටසක් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පවරා ඇත.

1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි 33.(1) වගන්තිය ප්‍රකාරව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් තුන්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත ස්වාධිනව කටයුතු කරනු ලබන කොමිෂන් සභාවක් පත් කර ඇති අතර කොමිෂන් සභාවේ කාර්යයන් පුළුල් වීමත් සමග වර්තමානය වන විට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගරු සභාපති ද ඇතුළුව සාමාජික භවතුන් 07 දෙනෙකුගෙන් සමන්විත වේ.

දැක්ම :
විශිෂ්ඨ පරමාදර්ශී අභිමානවත් පළාත් රාජ්‍ය සේවයක් බිහි කිරීම.
මෙහෙවර :
පවරන බලතල සීමාවන් තුළ අපක්ෂපාතීව සේවාලාභීන්ට උපරිම සේවාවක් සැලසීම හා යහපාලනය සහතික කිරීමට අවශ්‍ය වන්නා වූ නිර්මාණශීලී, කාර්යක්ෂම, විනය ගරුක හා තෘප්තිමත් , පරිපූර්ණ නිලධාරීන්ගෙන් යුත් පළාත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කොට පවත්වාගෙන යාම.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම , මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ලිපිනය අංක 628, 10 වන මහල,
ජන ජය සිටි ගොඩනැඟිල්ල,
නාවල පාර, රාජගිරිය.
විද්‍යුත් ලිපිනය :     ppscwpse@slt.lk